Pages

Wednesday, February 29, 2012

කවුදෝ මගේ ලොවේ

කවුදෝ මගේ ලොවේ සැරි සැරුවේ  
ඔබදෝ ආදරෙන් ළඟ සිටියේ 
හිනැහී මා දිහා නෙත  විහිදා   බැලුවේ 
කවුදෝ ... මගේ ලොවේ  සැරි  සැරුවේ

මා තනිවී අඳුරේ දැවිලා සිටි කාලේ 
මා හොයලා ආ දිනේ මගේ දෑතේ
උණුසුම අතරේ තුරුලුව සිටි ඒ 
ලස්සන මතකේ මට සිහිවේ 

කවුදෝ මගේ ලොවේ ....

රෑ සිහිනේ ඔබ ආ ගියදා සඳපානේ   
සිතයමේ වාසනාවේ චාරිකාවේ 
මංගල සිහිනේ සුවඳයි දැනුණේ
ඒ රස මතකේ මට සිහිවේ 

කවුදෝ මගේ ලොවේ ....

ගායනය : Raju Bandara

මට මෙන් ඔහුටද


මට මෙන් ඔහුටද කඳුල ඔබයි   
කඳුල ඔබයි හසරැල්ල ඔබයි // 

තිදෙනෙකු අතරින් දෙදෙනෙකු එක්වෙයි 
ආදර ගඟුලක් පෙරට ඇදෙයි 
කාටද ඔබේ අත හිමිවන්නේ 
මා වගේම ඔහු විමසන්නේ

මට මෙන් ඔහුටද  ....

කිසිවකු රිදවා හිනැහෙනු බැහැ මට 
එහෙයින් ඔබගෙන් බැහැර යමි    
ඔබටද ඔහුටද සුභ පතමි                 
ඔබටද ඔහුටද සුභ පතමි 

මට මෙන් ඔහුටද  ....

ගායනය : Millton Mallawarchchi

සඳ වට රන් තරු


බඩගිනි වෙලා මා ගිය කල පුතුගේ ගෙට 
මා යකිනියක ලෙස පෙනුනයි ලේලියට 
දරු සෙනෙහසින් ඇඟ ලේ පෙරලුනි කිරට 
අම්මාද බිරිඳද ලොකු වැඩියෙන් නුබට

සඳ වට රන් තරු කැකුළු පිපේවා  
හිරුට වලාකුළු සළු පැලදේවා 
පොළොවේ මිනි මුතු කැට බිහි වේවා 
පුතෙකුට අම්මගේ අගය දැනේවා

ගඟුලට ඇති බර දිය වැල නේදෝ 
කතරට ඇති හර සුදු වැලි නේදෝ 
ළඳකට ඇති හැඩ යහ ගුණ නේදෝ    
මවකට ඇති සැප දරු සැප නේදෝ 

සඳ වට රන් තරු ....

ගින්නක් නැති කල දුමක් කොයින්දෝ 
පින්නක් නැති කල කෙතක් කොයින්දෝ 
වහලක් නැති කල ගෙයක් කොයින්දෝ 
අම්මෙක් නැති කල දයක් කොයින්දෝ 

සඳ වට රන් තරු ....

ගායනය : C .T . Fernando

ආදරයේ උල්පත

ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු වූ  
ඔබ මතු බුදු වන දවසේ මා රාහුල කුමරුන් සේ 
සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි 
සුලැගිල්ලේ එල්ලී ...

සඳ දියකොට කිරි වතුරෙන් ඒ දියරෙන් මුව  දොවා      
දිව මතුරක් වන් නැලවිලි ගීයෙන් මතකයි මා නැලවුවා 
ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී ඒ ජීවිතයට කිරිදී පණදී
මා දැඩි කල අම්මා ...

ආදරයේ උල්පත වූ අම්මා ....

තුරුලට ගෙන අත් පා හැඩ ගන්වා නිදි ගන්වා යහන් ගැබේ 
සිහිනෙන් ගෑ සුවඳක් මෙන් සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ 
දවසින් දවසට සෙනෙහස ලබැදි ගෙන දී දිවියට නව පණ ලැබ දී 
මා දැඩි කල අම්මා ...

ආදරයේ උල්පත වූ අම්මා ....

ගායනය : Victor Rathnayaka  

රහසේ හඬනා

රහසේ හඬනා අප හැඟුම්    
ලොව නෑ දන්නේ අප පැතුම් 
ලා සඳු පායනා රැයේ
පිනි සේ තරු සේ 
තනි වී තැවෙන පෙම් සුසුම් 

හිරිමල් වයසේ සෙනෙහේ බැඳී එදා 
මතකේ නොමියේ ඔබ මා සිතින් සදා 
ආදරයේ රස මියුරු වේදනා 

රහසේ හඬනා අප හැඟුම් .....

සඳ රෑ සිහිනේ සෙවනැල්ල සේ වෙලී     
ඉමු අපි සොඳුරේ සුපුරුදු ලෙසින් බැඳී 
ආදරයේ රස මියුරු වේදනා 

රහසේ හඬනා අප හැඟුම් .....

ගායනය : Clarence Wijewardena

තරු පිපුණු

තරු පිපුණු ඝන අහස මම නම්           
ඒ අහස පුරා හඳ වෙන්න සුදු රුවනි 
වැසි නොවට මාරු කතර මම නම් 
ඒ පොළොවේ දිය බිඳුව වෙන්න සුදු රුවනි 
හද පෙලන චණ්ඩ රළ මම නම් 
ඒ නදියේ නිසල දිය වෙන්න සුදු රුවනි 
ප්‍රේමයෙන් අහිමි හඳ මගේ නම් 
ඒ හදට ආදරය දෙන්න සුදු රුවනි

නෙතු පෙලන කැල්මේ සිනා සඳ පානේ     
ඔබ ඇවිත් මගේ ලඟින් ඉන්නවා වගේ දැනේ 
ඒ බලන බැල්මේ හදක හසරැල්ලේ 
අපි හැදින් බඳුන වග ලෝකයා නොම දනී 

තරු පිපුණු ඝන අහස ....

ජීවිතය අතරේ ආදරය නැවතී 
පෙම් කවක් සදාතන හදට කොඳුරවී
මේ ගී ගායනා ආල හද වේදනා 
මහා බඹුන් හෙට දිනේ අප නමින් ලියාවි

තරු පිපුණු ඝන අහස ....

ගායනය : Jagath Wickramasinghe  

හන්තානෙට පායන

හන්තානෙට පායන සඳ ලස්සනයිද කියන්න   
මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න 

අඳුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න 
කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න 

හන්තානෙට පායන සඳ ලස්සනයිද කියන්න 
මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න  

ලතා මඩුලු අත වනාවි එපා අහක බලන්න 
මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න 

හන්තානෙට පායන සඳ ලස්සනයිද කියන්න 
මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න 

ගායනය : Amarasiri Pieris  

මිදුලේ අතන නංගෝ


මිදුලේ අතන නංගෝ කව්ද හැංගි උන්නා වගේ 
සෙල්ලම් හැංගි මුත්තම් දන්නේ නැද්දෝ අයියා මගේ

පොඩි නංගියේ ඔන්න දැන් ඔට්ටු නම්
හොයල මං එන්නදෝ 
මිදුලේ අපේ යාළු ඇයි හැංගිලා ඇවිදින් අල්ලන්නදෝ
තාම නෑ නෑ ඔට්ටු නෑ නෑ 

සෙල්ලම් බත් උයලා එකට බෙදලා කමුදෝ අපි 
කවි ගී සින්දු වාරම් දෑත අල්ලා කියමු අපි 

දැන් අම්මලා ඒවි දඟකාරකම්               
හොඳ නෑ පොඩි නංගියේ 
පාඩම් පොතේ රූප පැන්සල් අරන් 
අඳිමු අපි නංගියේ
පාට ගාල රූප අඳිමු                               
ගවුමේ දුලි ගැවී කිළුටු වීලා අම්මා බනියි 
නංගි ගෙදර ඉන්නා හොඳම ළමයා අයියා දනී    

නංගි ගෙදර ඉන්නා හොඳම ළමයා අයියා දනී    //

ගායනය : Rukantha Gunathilaka / Neela Wickrmasinghe

සුන්දර කඳු වළල්ල


සුන්දර කඳු වළල්ල මැද දුන්හිඳ තවම ගලනවද   
දුන්හිඳ වතුර ගලන හඬ ඔච්චර දුරට ඇහෙනවද
ඉන්දීය සාගර දිය මැද මුතු ඇට තවම තියනවද 
සිංහල සිරිතට ඇත වැඳ කව්රුත් කතා කරනවද 

කැලණියේ විහාරයට දෝත පුරා පිදෙන මලින්         
සුවඳින් බිඳක් එවන්නට හැකි නම් සයුර උඩින් 
උන්නත් සයුරු හතෙන් එහා රටක ගතින් සිතින් 
මව් කිරි දීපු බිමට හිත එනවා ඇසිල්ලකින්

සුන්දර කඳු වළල්ල මැද ...

ඇහුනත් අනෙක ගී අප සවනට සතර අතින්   
ගීයක් තියනවද අපේ නැලවිලි ගීය තරම්
ලැබුනත් දියුණුවේ මහා විශ්ව දසුන් දකින වරම් 
අමතක කරන්න එපා සිංහල අත් අකුරු හිතින් 

සුන්දර කඳු වළල්ල මැද ...
ගායනය : Neela Wickrmasinghe  / Kapila Herath  

බෝධියේ විහාරයේ

බෝධියේ විහාරයේ පිදු පියුම් වැනි වූ  
බාලිකා ලොව මැලවුන දා 
මුළු ලොවටම රෑ වෙනවා // 


මල් පොහොට්ටු මා හඳේ සුරංගනා පොකුණේ 
මල් වරම් ලැබ පිපෙන තුරා                        
ඔබ නටුවෙන් බිඳිනු එපා 

බෝධියේ විහාරයේ ...


ජීවිතේ පියාබමින් සිනා සිසී හිඳිනා
ඒ සිනා මා බොළඳ නෙතේ 
උණු කඳුලක් කරනු එපා 

බෝධියේ විහාරයේ ...

ගායනය : Neela Wickrmasinghe  

නීල නුවන් යුග

නීල නුවන් යුග කවියක් විය ඔබගේ           
පන්හිඳ තුඩගේ පැටලී
ඇයගේ හඳින් ගැලු සෙනෙහස 
සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී

පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ
පිල මත හිඳ හිමිදිරියේ //
ඇයගේ දෑසින් කියවූ කවියද මුමුනන්නේ 
තනි වී 

නීල නුවන් යුග ....

රළ රැලි හඬනා පුලින තලාවේ නැවතී               
දේදුනු සායම කලතා 
ඇගේ හඳින් දුටු සිතුවම දෝ 
සමරන්නේ තනි වී

නීල නුවන් යුග ....

ගායනය : Chandralekha Perera 

අහසයි ඔබ මට


අහසයි ඔබ මට නිම් හිම් නොපෙනන 
ඉනිමං බඳිනු බැරි 
පොළොවයි ඔබ මට තරුවක් විලසට 
රෑ කල පතිත වෙමි //

ගඟේ වතුර  නෑ  ඉහලට ගලා ගියේ 


ඇසිනි හඬින් නෑ කඳු බිම් සසල වුනේ 
ගඟ කවදා හෝ මුවදොර හමුවෙනවා 
ලොව කැලැබුන දා කඳු බිම් හැකිලෙනවා  

අහසයි ඔබ මට ....                                    

අනාත සයුරට වැහි දිය දෝත ඔබයි 
අගාධ අඳුරක දුල රන් සිළුව ඔබයි
ඔබ මට ළඟ බව ඉඳුර මම දනිමි 
ඔබ වට කහවනු පවුරට මහ දුරකි               

අහසයි ඔබ මට ....

ගායනය : Deepika Priyadarshani  / Sunil Edirisinghe

අවසර නැත මට


අවසර නැත මට ඔබේ අත ගන්නට    
බැමි බැඳ ඇත ලොව සතර දෙසේ
එනමුදු උපදින හැම බවයකදිම
මතු ඔබ හිමි කරගනිමි ලඳේ

අවසර නැත මට ....

බඹරකු වන්නට නොහැකිව ලත වෙන 
මා අභියස ඕන නෙළුම නොවේ 
උල්පත වන්නට නොහැකිව ලතවෙන   
මා අභියස ඔබ සයුර නොවේ 

අවසර නැත මට ....

ඔහු  රිදවන්නට  ඔහු හඬවන්නට 
බැරිකම මිස ඔබ සිහින ලොවේ 
ඔබ කැඳවන්නට ඔබ සතපන්නට 
මා හඳ තුල ඉඩ නැතිව නොවේ 

ගායනය : Milton Mallawarachchi

තනි වෙන්නට


තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන් 
රැගෙන යන්න සොඳුරියේ ඔබේ සුවඳ මා ලඟින් //

සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ          
සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ 
අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පළඳුවාදෝ

තනි වෙන්නට මගේ ලොවේ ...

මායාවකි ප්‍රේමය මා හදවත රිදවුයේ         
මායාවකි ප්‍රේමය මා හදවත රිදවුයේ 
සෝ ගීයකි දුක්බර වූ සැනසුම කොහිවේදෝ 

තනි වෙන්නට මගේ ලොවේ ...
ගායනය : Victor Rathnayaka  

අපි ඈතට ඈතට

අපි ඈතට ඈතට පා නැගල          
ඝණ වනන්තරේ අතරමං වෙමු 
වසන්ත මල් ගොමුවේ 

කාත් කව්රුවත් නෑ එන්නේ 
ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින් 
අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ 
බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ 

අපි ඈතට ඈතට පා නැගල ...

කෙසේද අත් බැඳ ඇවිදින්නේ             
උයනේ වෙරළේ තුරුළු වෙමින් 
නෑසිය මිතුරන් මග තොට හමුවන්නේ 
උකුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්නේ 

අපි ඈතට ඈතට පා නැගල ...

ගායනය : Victor Rathnayaka  

තරුද නිදන මහ රෑ

තරුද නිදන මහ රෑ                      
නිදමි මහද නිදි රෑ 
මතක පොතේ කඳුලින් කටු ගෑ
කවි කියවෙයි මහ රෑ 

පිනි විසිරෙන විට වටහා ගනු මැන
දෙනෙතින් කඳුලැලි ගලන තරම් 
රැහැයි හඬන විට හඳුනා ගනු මැන 
රෑ තුන් යාමේ හඬන හැඬුම්

තරුද නිදන මහ රෑ ....

සුළඟ නොවෙයි මේ පාවී එන්නේ 
කුටියක සිරවී හෙලන සුසුම්                       
අතු අග පරවී බිමට වැටෙන්නේ 
සමනල යුගයක පිපුන කුසුම් 

තරුද නිදන මහ රෑ ....

ගායනය : Nanda Malini  

සුළං කපොල්ලේ

සුළං කපොල්ලේ තැනු කැදැල්ලේ             
කෑලි කැඩි බිඳී වැටෙයි නිල කඳුරැල්ලේ //

කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී
දැන් ඔබ ළඟ සිටී රුවක් විලස නොසෙල්ලී 
යොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලි
පිළිගනු ඈ කොහේ යන්නද නැවත ඉගිල්ලී 

සුළං කපොල්ලේ...

ඇයට මවක් පියෙක් නොමැත සිතිජ වලල්ලේ     
කඳුල පමණි ඇයට උරුම දවස මුළුල්ලේ 
ඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ 
ඇයට ලැගුම් දෙන්න සඹද ඔබේ කැදැල්ලේ 

සුළං කපොල්ලේ //

ගායනය : Nanda Malini  

ලෝ අඬ නින්දේ

ලෝ අඬ නින්දේ මේ රෑ යාමේ        
සඳ රැස් වතුරේ කිමිදෙන්නේ 
රන් තරු බැබලේ නිල් ආකාසේ 
ලස්සන මල් වගේ 

කිරල ගසේ ගෙඩි දිය මත වැටිලා 
පහලට බැස යයි දිය  ඇල්ලේ   
නා මල් පිපිලා නැලවෙයි සුළගේ 
සුවඳ හමා දසතේ 
සෝබන මේ නදියේ // සඳ රැස් පැතිරෙන්නේ 

ඇල් කෙතකින් එන දැරියකගේ හඬ    
දැන් දැන් මා හඳ නලවන්නේ 
මහා රෑ නින්දයි ඇයගේ ගී හඬ
දසතම පැතිරෙන්නේ 
කව්රුද ඇල්හෙනේ // ගී හඬ පතුරන්නේ 

ගායනය : C .T . Fernando

Monday, February 27, 2012

සිහින ලොවක්

සිහින ලොවක් දුටුවා මතකයි                     
සිහින ලොවින් ආවා මතකයි //

සොඳුරු මිහිරි සුව පහස ගෙනෙන ඒ 
ආදර බර උණුසුම මතකයි 
ඉර සඳු තරු කැට පායන මිහිපිට 
ආදරයෙන් බැඳුනා මතකයි   

අප හදවත් වෙලී නොමියන ලෙස බැඳී 
ආදරයෙන් පිරුණා මතකයි 
සිතට දැනෙන සුව ගතට දැනෙන බව       
ඔබ රහසින් කීවා මතකයි

සිහින ලොවක් දුටුවා මතකයි 
සිහින ලොවින් ආවා මතකයි //

ගායනය - Clarence  Wijewardana