ආදර ගඟුලේහි ඉවුරේ රැදී
සහන පවන් සැලූ
මා ළඟ ඔබ සිටිනා විටදී
ලොවම දැකුම් කැලු //
මල් වැල් වන වෙල් පිරි ගියේ
සෙවන දෙවන්නලු
බිඟු නඳ විහගුන් ඉගිල්ලුනේ
මිහිරේ රැදෙන්නලු
පුන් සඳ නැගුනෙත් අහස තලේ
දෙනතට කඳුලැලි තුරුල් කලේ
පෙමට අඬන්නලු //
ආදර ගඟුලේහි .... //
මී වද මී පැණි පිරි ගියේ
දෙතොලේ රංගන්නලු
නුවණ පිනන්නලු
මේ ලොව මා ඉපදුනේ ප්‍රියේ
ඔබව ලබන්නලු
ඒ හැර ලැබුනත් පලක් නැතේ
ඉසුරු මැණික් මලු //
ආදර ගඟුලේහි .... //
ගායනය : Victor Rathnayaka / Shrimathi Thilakarathana







