සුන්දර කඳු වළල්ල මැද දුන්හිඳ තවම ගලනවද
දුන්හිඳ වතුර ගලන හඬ ඔච්චර දුරට ඇහෙනවද
ඉන්දීය සාගර දිය මැද මුතු ඇට තවම තියනවද
සිංහල සිරිතට ඇත වැඳ කව්රුත් කතා කරනවද
කැලණියේ විහාරයට දෝත පුරා පිදෙන මලින්
සුවඳින් බිඳක් එවන්නට හැකි නම් සයුර උඩින්
උන්නත් සයුරු හතෙන් එහා රටක ගතින් සිතින්
මව් කිරි දීපු බිමට හිත එනවා ඇසිල්ලකින්
සුන්දර කඳු වළල්ල මැද ...
ගීයක් තියනවද අපේ නැලවිලි ගීය තරම්
ලැබුනත් දියුණුවේ මහා විශ්ව දසුන් දකින වරම්
අමතක කරන්න එපා සිංහල අත් අකුරු හිතින්
සුන්දර කඳු වළල්ල මැද ...
ගායනය : Neela Wickrmasinghe / Kapila Herath


No comments:
Post a Comment