Pages

Tuesday, March 27, 2012

ආදර ගඟුලේහි


ආදර ගඟුලේහි ඉවුරේ රැදී  
සහන පවන් සැලූ 
මා ළඟ ඔබ සිටිනා විටදී 
ලොවම දැකුම් කැලු // 

මල් වැල් වන වෙල් පිරි ගියේ 
සෙවන දෙවන්නලු 
බිඟු නඳ විහගුන් ඉගිල්ලුනේ 
මිහිරේ රැදෙන්නලු

පුන් සඳ නැගුනෙත් අහස තලේ 
අපට බලන්නලු 
දෙනතට කඳුලැලි තුරුල් කලේ    
පෙමට අඬන්නලු //

ආදර ගඟුලේහි .... //

මී වද මී පැණි පිරි ගියේ 
දෙතොලේ රංගන්නලු 
දේදුනු ඔවිලි නැවි ගියේ 
නුවණ පිනන්නලු 

මේ ලොව මා ඉපදුනේ ප්‍රියේ     
ඔබව ලබන්නලු 
ඒ හැර ලැබුනත් පලක් නැතේ 
ඉසුරු මැණික් මලු //

ආදර ගඟුලේහි .... //

ගායනය : Victor Rathnayaka / Shrimathi Thilakarathana

පාවේ වලා


පාවේ වලා ඈත කඳු බලා   
පෑ ආදරේ අමා 
මා හද මවා.. මා හද මවා.. //

කඳුලැල්ලෙන් හසරැල්ලෙන් සිහින මැවෙනවා 
ජීවිතයේ මිහිරි සුවේ මහද නැගෙනවා 
ආලෝකේ විහිද සන්තා නැසේ 
සුසුම් රැල් මැකේ 
නුවන් දිය සිඳේ වහන් පෙම දිලේ  

පාවේ වලා.....

හාදව පෙම් බැඳ රුවින් පාළුව මැකුණා
ආදර ලොව අන්ධ නොවේ දෙහදක නැගෙනා
දෑසේ මැවේ ආදරේ මල් හිනා 
තුටින් පිරි ලොවේ 
සහන් එලි නැගේ පහන් පෙම දිලේ 
පාවේ වලා.....

ගායනය: Victor Rathnayaka 

මේ නිහඬ බව

මේ නිහඬ බව බිඳෙන්න   
තව මොනවා හරි කියන්න 
ඔය නෙත් අගින් සිනාසී 
මා දිහා දැන් බලන්න 

ඔබ මගෙමයි කියන්න 
මට අයිති නැත සිතන්න //
ඔබ පතා තැවෙන්න 
මට සුසුම් නෑ හෙලන්න 

මේ නිහඬ බව....
දැන් ලඟයි හිරු නැගෙන්න     
තව වරක් මා සිබින්න //
මට ආදරේ යැයි
එක් වරක්වත් කියන්න  

මේ නිහඬ බව....

ගායනය : Krishantha Erandaka

කෙසේ කියන්නද

කෙසේ කියන්නද ඔබ මා අත හැර   
ඉවත ගිය කියලා 
මගේ මුවින් මා ලොවට කියා ඇත
ඔබ ගුණවත් කියලා 

කිසිවෙකු කිසිවිට අදහන්නේ නැත 
ඔබ වැරදිය කියලා 
ලොව මට එරෙහිව දොස් පවරනු ඇත 
මා වැරදිය කියලා 

කෙසේ කියන්නද.....

සෙනෙහස බිඳුණද මේ අවමානෙන්   
ගැලවිය යුතු හින්දා
මවිසින් ඔබ අතහලෙමියි පවසමි
ලොවටම ඇසෙන නියා 

කෙසේ කියන්නද.....

ගායනය: Milton Mallawarachchi 

කවිය ඔබ

කවිය ඔබ        
තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසී 
සිත දෙගිඩියාවෙන් තවම නොලියු 
කවිය ඔබ කවිය ඔබ 

පද එකින් එක ලියවා - සිත කුරුටුගා මැකුවා
ඔබ ලියු කවි කියවා - මං අසරණව උන්නා
යෞවනේ තනිකමක් - දැනෙනා මොහොතක 
සිත ඉකි ගසා ඇඩුවා

කවිය ඔබ ....

හොර ඇහෙන් ඉඟි කරලා - සඳ මගෙන් සමු ගත්තා ' 
කවි පොතම පොඩි කරදා - නිදියන්න මට හිතුනා
යෞවනේ අත ලඟින් - හිඳිනා මොහොතක 
දුර ඈත බව දැනුනා
 කවිය ඔබ ....

ගායනය : Deepika Priyadarshani

Friday, March 16, 2012

සප්ත සයුරෙන්

සප්ත සයුරෙන් එහා 
දේශ දේශාන්තරේ
සිරිලක් සළු පිළියෙන් පිදු
මව් බිම ධන නිධාන බඳු 
සියල් සිරිලක පරසිදු 
සළු වියනා කුමාරී //

අම්මා බඳු පෙම්මාදර
සම්මා ගුණ පිරිපුන් 
එම සන්නාලිය නංගා 
දෙස නොබලන් වපරැසකින් 

කම්හල තුල පවර විපුල්   
හුරු දෑතින් කොමල නිමල් 
කරමි එවර සොඳ මනකල් 
ඉසුරු ගෙනෙයි එතරින් දුල් //

දෙන්නේ ඇය මව්භුමිය 
රක්නා රන් මසුරන් 
එම සන්නාලිය නංගා 
දෙස නොබලන් වපරැසකින්  

කැලුම් උදුල යව්වනයේ 
සිරිත් දහම් රැක පිරියේ
සළු වියනා රැජින දැයේ
ඉඳුවම් සිංහාසනයේ //

නන්දා අනන්දා
කරවන්නා ලංකාවෙන් 
එම සන්නාලිය නංගා 
දෙස නොබලන් වපරැසකින්  

සප්ත සයුරෙන් එහා ...

ගායනය :  Victor Rathnayaka 


යුවතියකට

යුවතියකට ඔබ ආදරේ නම්    
ඇයට පවසන්න 
පැවසීමට අතපසු වේ නම් 
ඇය ගැන නොසිතන්න //

අතින් අතට යන යෙහෙලියනේ 
හදවත් නොකඩන්න
ඔබේ ආදරේ පැතූ යහළුව
එපා තව රවටන්න 
ආදරයයි ජීවිතයේ අරුත 
එපා එය කෙළෙසන්න 

යුවතියකට ඔබ ආදරේ නම්  ...     

අප ජීවිතයේදී හැම මොහොතක් 
විමසිලිමත් වෙන්න 
නිසසල දිය ඇළ මතුපිට ලස්සන 
නොව ගැඹුරත් දන්න
ආදරේ කරන්න පෙර යහළුව 
දෙවතාවක් සිතන්න 

යුවතියකට ඔබ ආදරේ නම්  ...

ගායනය : Billy Fernando


Friday, March 9, 2012

සිතින් මා නොසැලී

සිතින් මා නොසැලී හිඳිද්දී   
කඳුල නුඹ ඇවිදින් 
නිවා දැමු ඒ නෙතේ පීඩා 
නොබිඳුණු මැනවී...

තනිව මා හඬනා වෙලාවේ 
සැලි සැලී සීතේ 
වැටුණු මහ වරුසා මතක්වේ 
නුඹ රැඳී දෑසේ 

සිතින් මා නොසැලී....

තවම මා නොදුටු සිනාකැන්  
හමු නොවූ යාමේ 
කඳුල මට කරුණා කරන්නැයි
අයදිමී නිබඳේ 

සිතින් මා නොසැලී....

ගායනය :  T.M.Jayarathna

සිනා පොදක් වී


සිනා පොදක් වී ඔබගේ දෑසේ    
නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට 
කඳුලැල්ලක් වී ඔබගේ දෑසින් 
ගිලිහී යන්නට උරුම කලේ ඇයි

හෙවනැල්ලක් සේ ඔබ දිවි ගමනේ 
අත්වැල වන්නට පැතුම් පැතූ මා
මිරිඟුව දක්වා නෙතු යුග රවටා
වල්මත් කරදා සැඟව ගියේ ඇයි  //

මල් කැකුලක් සේ ඔබ හද උයනේ 
විකසිත වන්නට සැරසී උන් මා //       
හිත ගිනි අවුලා පියවර අහුරා 
අසරණ කරදා ඉවත ගියේ ඇයි //

සිනා පොදක් වී ....

ගායනය : Deepika Priyadarshani

Monday, March 5, 2012

තරු මල් යායම

තරු මල් යායම පොඩිකර අහස විලේ  
ඉර හඳ මිරිකා දියකර සාගරයේ 
අඳුරේ උන්නෙමි ලොවම එපාවී 
මා හැර දා ඈ ගිය දවසේ //

දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී
පාලු නැසුවෙමි තනියට කෙනෙක් නැතී 
තැවුණේ දැවුණේ පිරිසිදු සිතකිනි 
එකම ලඳක් වෙත පෙම් කළ උමතුවෙනි 

තරු මල් යායම ....

නුවර උයන් මැද හමු වූ ලඳුන් නැතී   
යටැසින් බැලූ නෙත් පෙරදා බැලුම් නැතී 
තැවුණේ දැවුණේ පිරිසිදු සිතකිනි 
එකම ලඳක් වෙත පෙම් කළ උමතුවෙනි 

තරු මල් යායම ....

ගායනය : Gunadasa Kapuge 

අපි ආයේ දවසක


අපි ආයේ දවසක හමු වෙමුද මේ අද වාගේ  
වැහි ඉර ගිලෙයි මුහුදේ 
කළුවර පිපෙයි දෙපසේ 
වෙන්වෙමු ඉතින් හමුවෙන සිතින් 
අපි ආයේ දවසක අද වාගේ 

අදින් පසු ඔබ ඔබට හිමි වග 
ඉතින් මා මට උරුම නැති වග 
ආයෙමත් හමු වෙන තුරා 
දෙතැන ඉමු අපි මග බලා 

අපි ආයේ දවස....

තුටින් හමුවුන සුහද බව අප     
අරන් යමු අපේ මතක මැදුරට 
ආයෙමත් හමු වෙන තුරා 
එකම තැනකදී ජීවිතේ 

අපි ආයේ දවස....

ගායනය : Dayan Witharana

සඳ හැංගිලා


සඳ හැංගිලා මා තුරුල්ලේ   
සිත නැංගුරම්ලා දුක හංගලා //
නිල්  නුවන් නෙත් කැරැල්ලේ 
පෙම් සිනා  කැන් නාන්වලා
තව ලං වෙලා ...
ආදරේ මා නිවාලයි.. ///

පුළුලුකුළු මල් අනන්තේ 
මල් පිපි ලැම වසන්තේ 
සුවඳ මල් රොන් සිඹිමින් 
ළඟ හිඳිමින් 
මා නිවෙනවා ... මා නිවෙනවා
සිත සැනසුමින්.. මේ උණුසුමින් 
ආදරේ මා නිවාලයි.. ///

සඳ හැංගිලා ....

සඳකැන් සළුව ඇන්දේ    
මදු මල් සිඹින්නද  නින්දේ 
සුපසන් වී බැඳීමින් 
සන්සිදිමින් 
මා නිවෙනවා ... මා නිවෙනවා
අත් බැඳීමින් ... මේ විඳිමින් 
ආදරේ මා නිවාලයි.. /// 

සඳ හැංගිලා ....

ගායනය : Amila Perera

එක් පෙති මලක්

එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට  
නෙලා නොගත්තේ මගේ සත් කමට
හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට 
ආවේ ඇයිද විරහේ සිත අද්දරට

විස්මිත ගමට අදහන්නට බෑ තවම 
මා හැර දමා නුඹ ගිය මග දැන අරුම 
සතු කරගන්න මුල් පෙම නොපිදු බැවින 
දුක් බර හිතට කීවෙමි නොහඬන ලෙසින 

එක් පෙති මලක් ..... 

සිටිනා කොදෙව්වක නුඹ සැප විඳි නම්     
මවෙතින් ලැබුණු ආදරයක් ලැබේ නම්
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම් 
තව කුමකටද දුක් ගී කල්පනාවන් ///

ගායනය : Rohan Shantha Bulegoda

වැහි දිය මහ

වැහි දිය මහ බිම තෙමුවට 
බිම තෙමන්නේ වැහි විතරද 
රෑ අහසේ තරු තිබුනට 
තරු තියෙන්නේ රෑ විතරද
විහඟුන් කැල ගී ගැයුවට
ගී කියන්නේ උන් විතරද 
මට නුඹ විතරක් උනාට 
නුඹට ඉන්නේ මං විතරද 

රෝස පතක කවි ලිව්වේ 
සුවඳ දිදී තියාගන්න 
මේ විදියට ගී ගැයුවේ 
ඉන්න තැනක දී ඇහෙන්න 
උස අත්තක මලක් උනේ 
ගව් ගණනක් දුරින් ඉන්න      
අවසානේ උරුම උනේ 
මල් පොකුරක එකක් වෙන්න      

වැහි දිය මහ බිම තෙමුවට ...

ගායනය :  Deepika Priyadarshani

ගඟ අද්දර

ගඟ අද්දර මා සිහිල් සෙනෙහෙ සැනහී  
හඳ සන්තක විට අනුහස් ආසිරි ගී 
ඔබ හමු වේ මා මුව ගොළුවුවා 
ගඟ අද්දර පෙම් කැඳවූ රස දැහැනේ
ඉහ ඉද්දර පිපි ප්‍රර්ථනා සිහිනේ 
පිබිදුනි ආශා ගිනිසිළු සේමා

මල්සර දුණුවර ලමැද හොවලා ඉරණම් පවස නිවා 
සන්සුන්වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳී රන්දම් 
ඔබ හා ආයේ ආයේ පැහී තුෂාර සුසුම් හුවා
චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා 

ගඟ ඉද්දර වී තෙපුල් පවන් අතරේ 
වන පුෂ්පිත මුව සුපුල් සිනා විසිරේ 
මා හඳ රහසේ බැඳුනා පහසේ 
ගඟ දිය රැලි නුඹ නාඩන් කිසි දවසේ 
ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ   
ඔබ රුව චායා සැඟවේ පායා

මල්සර දුණුවර ලමැද හොවලා ඉරණම් පවස නිවා 
සන්සුන්වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳී රන්දම් 
ඔබ හා ආයේ ආයේ පැහී තුෂාර සුසුම් හුවා
චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා 

ඔබ රුව චායා සැඟවේ පායා //

ගායනය : Vijaya Kumarathunga

වියෝ ගී

වියෝ ගී ගැයෙන හඳේ   
ආදර මල් නොමියේ
සදා මේ සංසාරයේ 
අපේ හමු වීම නොවේ 

අතීතයේ මායා රූ කැඩී බිඳී යාවි 
අනාථ වූ මා දෑසේ කතා නිමාවේවී 
මගේ කඳුළු හංගා මා සිනා සේසී ඉන්නේ 
ඔබේ ලොවේ හිරු පායා සදා සිනසේවා

වියෝ ගී ....

අනාගතේ සිහිනේ නෑ මේදා සැබෑ වන්නේ 
මිලාන වූ ආකාසේ අපේ පැතුම් පාවේ
මගේ පැලේ තනි වී මා සුසුම් හෙලන වේලේ
ඔබේ ලොවේ හිරු පායා සදා සිනසේවා

වියෝ ගී ....

ගායනය : Neela Wickrmasinghe



හිමි නැති පෙමකට

හිමි නැති පෙමකට ඉකි බිඳ  හැඬුමට   
සිත මගේ බොලඳ වෙලා 
අන්සතු හඳකට පෙම් කල වරදට 
ලොව මට එරෙහි වෙලා 

කියාගන්න මට දහසක් දේ ඇත 
මතු දවසක ඔබ හා තනිවී 
හමුවන්නට බැහැ උකුසු වෙසින් ඇත 
නෙතු දහසක් අප වෙත යොමු වී 

හිමි නැති පෙමකට ....

කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට 
සිතෙයි අත්තටු නැතද ලැබී
වරම් නැතේ මට ඔබ හමුවන්නට 
ඈතින් හිඳ හිනැහෙනු මැනවී

හිමි නැති පෙමකට ....

ගායනය : Malani Bulathsinhala 

සුවඳ දැනි

සුවඳ දැනි දැනී දැනෙනවා      
උදා හිරි එළියේ අලුත් ඉරක් දෝ මේ 
හිතට ගලනවා හීත බිඳු බිඳු 
හීන් පිනි හුළගේ හිනස්සා හිත හැඟුම් 
සුවඳ දැනි දැනී දැනෙනවා ....

ඊයේ නොදුටුව ලස්සන ලෝකය අද කොයින් හෝ 
හිමිහිට ඇවිදින් මිදුල දිගේ මට තුරුළු වෙනවා 
ජීවිතේ සුන්දරද මෙතරම් 
සුවඳ දැනි දැනී දැනෙනවා ....

රෑන රෑන එන පාට පාට සමනලයෝ   
පේන පේන මල සිපගන්නෝ 
ආදරේ ඔච්චම් කර කර හංකිති කවන ආදරේ 
බලාපොරොත්තුව දෝත දරා මග බලා හිඳි ඔබ එන තුරා
ආයේ හෙට දවසක් තියේවි අද වගේ 
ජීවිතේ සුන්දරද මෙතරම් 

සුවඳ දැනි දැනී දැනෙනවා ....

ගායනය : Rokantha Gunathilaka

කොතැනක සිටියත්


කොතැනක සිටියත් ඔබ මෙලොවේ   
දිගුකල් ජීවත් වෙන්නකෝ 
ඔබේ හිතට සැනසුමගෙන දී 
දිගුකල් ජීවත් වෙන්නකෝ 
රැකගෙන මංගල මුදුව අතේ 
දිගුකල් ජීවත් වෙන්නකෝ 
කොතැනක සිටියත් ඔබ මෙලොවේ 
දිගුකල් ජීවත් වෙන්නකෝ 

සිටියත් කිසිවෙකු මෙහි ඔබ පතලා
දුටුවත් ඔහු ඔබේ ලස්සන මැවිලා //
සිහිකෙරුවත් පසු ගියදේ හිතලා
සිරිකත මෙන් ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ 

කොතැනක සිටියත් ඔබ මෙලොවේ 
දිගුකල් ජීවත් වෙන්නකෝ 

ඔබ එනතුරු මම තනියෙන් සිටියා    
ඔබ වෙන කිසිවෙකු සමගින් ආවා //
ඔහු දිවි රැකුමට මට වර ලැබුණා
පිරිසිදු ලිය ඔබ දිගු කල් ජීවත් වෙන්නකෝ 

කොතැනක සිටියත් ...

ගායනය : H.R. Jothipala 

Sunday, March 4, 2012

ගහක මල් පිපිලා

ගහක මල් පිපිලා පිපෙන්නේ 
ඇයිද නොදන්නෙමි 
හිතක මල් පිපිලා පිපෙන්නේ 
ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැඳී කාරණේ මම 
තවම නොදන්නෙමි

කතරේ වැලි කට හිරුට පෙම් බැඳ 
ඇතත් ලෝ දහමින් 
සොඳුරු වැස්සට දැවෙන කතරත් 
ආදරෙයි පණ මෙන්
ලොවට නොපෙනන අරුම සෙනෙහස 
ඒ වගෙයි මනරම් 
කරනු බැරි තහනම් 

ගහක මල් පිපිලා ....

සඳට සදහට සෙනේ පෑ මුත්   
උදුල තරු කැටයම් 
හිරුට පෙම් බැඳී එකද තරුවක් 
සිටිය නොහැකිද යම් 
නුඹට නොහැගෙන මගේ ප්‍රේමය 
ඒ වගේ මනරම් 
පුදුම වෙයි නුඹ නම් 

ගහක මල් පිපිලා ....

ගායනය : Karunarathna Divulgane