උදා හිරි එළියේ අලුත් ඉරක් දෝ මේ
හිතට ගලනවා හීත බිඳු බිඳු
හීන් පිනි හුළගේ හිනස්සා හිත හැඟුම්
සුවඳ දැනි දැනී දැනෙනවා ....
ඊයේ නොදුටුව ලස්සන ලෝකය අද කොයින් හෝ
හිමිහිට ඇවිදින් මිදුල දිගේ මට තුරුළු වෙනවා
ජීවිතේ සුන්දරද මෙතරම්
සුවඳ දැනි දැනී දැනෙනවා ....
රෑන රෑන එන පාට පාට සමනලයෝ
ආදරේ ඔච්චම් කර කර හංකිති කවන ආදරේ
බලාපොරොත්තුව දෝත දරා මග බලා හිඳි ඔබ එන තුරා
ආයේ හෙට දවසක් තියේවි අද වගේ
ජීවිතේ සුන්දරද මෙතරම්
සුවඳ දැනි දැනී දැනෙනවා ....
ගායනය : Rokantha Gunathilaka

No comments:
Post a Comment