මඳ සීත නල රැල්ල දැඟලිල්ල පා
කැලබිල්ල දී දසත විසිරී ගියා
සිතුවිල්ල ඉතිරී සැනසිල්ල පැතිරී
පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා
ඔය බැල්ම වෙන කැල්ම සුර ගීත පා
සුරතල් ම බව පේන රහසක් කියා
දුක කැල්ම නැති වී සිත ඇල්ම මතු වී
පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා
සුදු සේල මිහිදුම් අහසින් නැඟී
නිල් ලෝකයේ එළිය නොපෙනී වෙලී
මගේ දෑස පාදන්න ඔබේ දෑස මට දෙන්න
මගේ දෑත ඔබ ගන්න ඔබේ දෑත මට දෙන්න
යුග ගීත පවසන්නකෝ
ලොව මිහිර නරඹන්න මධු මිහිර රස බොන්න
ඔබ මගේ ජීවේ සදා
ගායනය : Sarath Sandanayake / Daya Hemantha Abeysekara
නුතන ගායනය : Rukantha Gunathilaka

No comments:
Post a Comment