Pages

Thursday, March 1, 2012

සීත අරණේ


සීත අරණේ සුපුල් නාමල    
සුවඳ ගැලවූ ජීවිතේ 
සීත හිමගිර සීත නොදැනේ 
දැනේ උණුසුම ආදරේ 

ලතාවක් සේ වෙලී සියොළඟ 
පතමි රැකවරණය ඔබෙන් 
සදා දෝතින් මලක් සේ ඔබ 
වැළඳ ගන්නෙමි හදවතින් ... හදවතින් 

සීත අරණේ ....

වලාවක් සේ අයාලේ ගිය            
සිතට නිවහන ඔබ ලඟයි 
මහා කතරක ගෙවූ තනි මග 
නිමා  කල ඉම ඔබ නෙතයි...  ඔබ නෙතයි

සීත අරණේ ....

ගායනය : Malini Bulathsinhala / Milton Mallawarachchi

No comments:

Post a Comment