හඳ සන්තක විට අනුහස් ආසිරි ගී
ඔබ හමු වේ මා මුව ගොළුවුවා
ගඟ අද්දර පෙම් කැඳවූ රස දැහැනේ
ඉහ ඉද්දර පිපි ප්‍රර්ථනා සිහිනේ
පිබිදුනි ආශා ගිනිසිළු සේමා
මල්සර දුණුවර ලමැද හොවලා ඉරණම් පවස නිවා
සන්සුන්වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳී රන්දම්
ඔබ හා ආයේ ආයේ පැහී තුෂාර සුසුම් හුවා
චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා
ගඟ ඉද්දර වී තෙපුල් පවන් අතරේ
වන පුෂ්පිත මුව සුපුල් සිනා විසිරේ
මා හඳ රහසේ බැඳුනා පහසේ
ගඟ දිය රැලි නුඹ නාඩන් කිසි දවසේ
ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ
ඔබ රුව චායා සැඟවේ පායා
මල්සර දුණුවර ලමැද හොවලා ඉරණම් පවස නිවා
සන්සුන්වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳී රන්දම්
ඔබ හා ආයේ ආයේ පැහී තුෂාර සුසුම් හුවා
චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා
ඔබ රුව චායා සැඟවේ පායා //
ගායනය : Vijaya Kumarathunga

No comments:
Post a Comment