ඇයට පවසන්න
පැවසීමට අතපසු වේ නම්
ඇය ගැන නොසිතන්න //
අතින් අතට යන යෙහෙලියනේ
හදවත් නොකඩන්න
ඔබේ ආදරේ පැතූ යහළුව
එපා තව රවටන්න
ආදරයයි ජීවිතයේ අරුත
එපා එය කෙළෙසන්න
යුවතියකට ඔබ ආදරේ නම් ...
අප ජීවිතයේදී හැම මොහොතක්
විමසිලිමත් වෙන්න
නිසසල දිය ඇළ මතුපිට ලස්සන
නොව ගැඹුරත් දන්න
ආදරේ කරන්න පෙර යහළුව
දෙවතාවක් සිතන්න
යුවතියකට ඔබ ආදරේ නම් ...
ගායනය : Billy Fernando

මේ සින්දුවට මම ගොඩක් කැමති.... ස්තුතියි
ReplyDelete